චීනයෙන් මිළදී ගත්, එරට නිෂ්පාදිත " සයිනොෆාම් (Sinopharm)" එන්නත් ,තවත් මාත්‍රා ලක්ෂ 40 ක් (මිලියන 04 ) බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක් ගෙන ආ දෙවන අවස්ථාව මෙයයි .
කිලෝ ග්රැම් 16,214 ක් බරැති මෙම එන්නත් පෙට්ටි 41 ක් තුළ අසුරා තිබුණි. මෙම එක් එන්නත් බදුනක් තුළ එන්නත් මාත්‍රා 05 ක් අසුරා තිබීම නිසා , එන්නත් බදුන් ලක්ෂ 08 කින් සමන්විත මෙම එන්නත් ලක්ෂ 40 ක තොගය එක් ගුවන් යානයකින්ම එකවරම ප්‍රවාහනය කිරීමට හැකි වී තිබේ .
ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ අංශයේ ශීතකරණ තුළ මෙම එන්නත් තොගය තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණි .
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.
Last four million doses of #Sinopharm #vaccine , final batch in the SPC contract, have arrived at Colombo this morning. Missions accomplished.
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) September 18, 2021
Total amount of 🇨🇳 vaccines received by 🇱🇰 has increased to 26 million, supporting more than 80% of #SriLanka's #VaccinationDrive.
🐼🦁 pic.twitter.com/QbwPyZ9Ktr