ඇතැම් ප්‍රදේශවල සහල් හිඟයක් ඇති නිසා පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවත් ඇතැම් වෙළඳසල්වල සහල් මිල ඉහළ දමා ඇති බවත් පාරිභොගිකයෝ පවසති. ගම්පහ ප්‍රදේශයේ සතොස වෙළඳසල්වල නාඩු සහල් නොමැති තත්ත්වයක් පවතින බවද වාර්තාවේ.
රතු කැකුළු කිලෝවක් - රුපියල් 95 ත් 100 ත් අතර, සුදු කැකුළු - රුපියල් 102 ත් 105 ත් අතර, නාඩු කිලෝවක් - රුපියල් 110 ත් රුපියල් 115 අතර සහ සම්බා සහල් කිලෝවක් - රුපියල් 115 ත් රුපියල් 125 ත් මෙලෙස අලෙවි කරන බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් වෙළඳසල් හිමියන්ගෙන් විමසිමේදී පවසා සිටියේ මෝල්හිමියන් ලබා දෙන මිල ගණන් අනුව රජයේ පාලන මිලට ලබාදීම කළ නොහැකි බවත් සහල් ලබාදීම සීමා කොට ඇති බැවින් පවතින සහල් තොග මෙලෙස වැඩි මිලට අලෙවි කිරීමට සිදුව ඇති බවත්ය.
මේ වන විට කුඩා මෝල් කරුවන් විසින් සහල් සකස් කිරීම නොකරන බවත් මහා පරිමාණයේ සහල් මෝල් හිමිකරුවන් විසින් සහල් සුළු ප්‍රමාණයක් වෙළඳ පොලට නිකුත් කිරීම හේතුවෙන් සහල් මිල ගණන් ඉහළ යාම සහ වෙළඳ පොලෙහි යම් වශයෙන් සහල් හිගයක් නිර්මාණයවී ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ.රංජිත් මහතා මේ සම්බන්ධයෙන් පවසා සිටියි.
මේ අතර සහල් සඳහා රජයෙන් ඉල්ලා සිටින සහතික මිල ලබා නොදුනහොත් ලබන සතියේ සිට සහල් නිෂ්පාදනයෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පොලොන්නරුව ගිරිතලේ අග්බෝ හෝටලයේදී අද සවස පැවැති සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ මාධ්‍ය සාකච්ඡාවකදී නිවේදනය කර තිබේ.
නාඩු සහල් කිලෝවකට රුපියල් 110ක් ද, සම්බා සහල් කිලෝවකට රුපියල් 130ක් ද කීරි සම්බා කිලෝවකට රුපියල් 160ක් වශයෙන් ලබා දෙන ලෙසට මීට පෙර ජීවන වියදම් පිළිබඳ කමිටුවට ලිඛිතව දන්වා සිටි බව ද එම සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම මහතා කියයි.
වත්මන් රජය බලයට පත් වී තම සහල් ව්‍යාපාර සඳහා ගැසට් නිවේදනයන් පැනවීම තුළින් ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය කරන මෝල් 750ක් පමණ මේ වන විට වසා දමා ඇතැයි ද සුරාජ් ජයවික්‍රම මහතා කියයි.
මේ වන විට පාරිභෝගිකයනට නියමිත මිලට සහල් නොලැබෙන බවත් ඉදිරියේදී රට තුළ උග්‍ර සහල් හිඟයක් ඇති වන බැවින් ඊට පෙර වහාම සාකච්ඡාවක් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටියි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




