කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා කොවිඩ් ආසාදිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (28) පස්වරුවේ මියගොස් තිබේ.
රංගජීව මහතා කොවිඩ් ආසාදිතව අයි. ඩී. එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මාසයකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිට, කෝමා තත්ත්වයෙන් සිටියදී පසුගිය සතියේ කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බව එමවිර්තාවෙයි.
ඉන්පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සති දෙකකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි ඒ් මහතා අද (28) පස්වරුවේ මියගොස් තිබේ.
රංගජීව ජයසිංහ මහතා ඉකුත් 2018 වර්ෂයේදී කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් පත්වූයේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.