රුපියල් 5,000 ක දීමනාව රාජකාරියේ නිරතවන ගුරු විදුහල්පතිවරුන්ට ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මඟින් රාජකාරියේ නිරත ගුරු විදුහල්පතිවරුන්ට අදාළ දීමනාව ලබාගත හැකිය.
එළැඹෙන අයවැය මඟින් ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසදන තුරු සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාස සඳහා රාකාරියේ නිරත ගුරු විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක් ලබාදීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළේය.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් රුපියල් 5,000ක දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙන අතර එමඟින් ඔහු දක්වා ඇත්තේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල රාජකාරියේ නිරත ගුරුවරුන් සඳහා එම දීමනාව කළාප අධ්‍යක්ෂවරයා මඟින් අදාළ පාසල් වෙත යොමු කර ඇති බවය.
එමෙන්ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් රාජකාරිය ඉටුකළ විදුහල්පතිවරුවරුන්ට අදාළ ගෙවීම් ලබාගත හැකි බවත් දන්වා තිබේ.
අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරේ අනුකමිටුව විසින් නිර්දේශිත ගුරු සේවාව, විදුහල්පති සේවාව සහ ගුරු උපදේශක සේවාවන් සංවෘත සේවාවක් වශයෙන් නම් කිරීම පිළිබඳ ගැසට් නිවේදනය එළැඹෙන නොවැම්බර් 20 වැනිදා වන විට නිකුත් කිරීමටත් ඉතිරි නිර්දේශ මාස 6ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමටත් එහි ප්‍රගතිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත් කටයුතු කරන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




