නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව තුළ මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට පසුගියදා රජය ගත් තීරණය වහාම අවලංගු කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය සංගමය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ අනුව නිරෝධායනය ඇඳිරි නීතිය ඉවත් කිරීමට පෙර සුරාසල් විවෘත කිරීම මගින් සෞඛ්‍ය ගැටළු පමණක් නොව සමාජයීය හා ආර්ථික ගැටලු රැසක් ද උද්ගත වන බව එම ලිපියෙහි සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ ජනතාව ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් සුරාසල් අතර පොරකන බවත් තමා සතු සුළු මුදල් ප්‍රමාණය ද වැය කරමින් මත්පැන් මිලදී ගැනීම හේතුවෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ළමා අපචාර මෙන්ම මාර්ග අනතුරු ද ඉහළ යන බවයි.
මීට අමතරව අන්තර්ජාලය ඔස්සේ මත්පැන් අලෙවි කිරීම මගින් ජාතික දුම්කොළ හා මද්‍යසාර පනත ද උල්ලංඝනය කෙරෙන නිසා අන්තර්ජාලය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමද අත්හිටුවන ලෙස එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.