නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු කාර්යල දුම්රියන් පහණක් පමණ සේවයේ යෙදවීමට සුදානම් කර ඇතැයි දුම්රිය ධාවන බල උප දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ධාවනයේ යොදවා තිබූ ඇතැම් දුම්රියවල මෙතෙක් පැවති කාර්මික දෝෂ ,විදුලි දෝෂ,මකුණු කරදර ඉවත් කර,නව ආසන සවිකොට වර්ණ ගන්වා විෂබීජ හරණය කිරීමට පියවර ගත් බවද ප්‍රධාන ඉංජිනේරු (ධාවන බල) කේ.ජී.එස් බණ්ඩාර මහතා පැවැසීය.
අවම විවේක ගනිමින් දුම්රියන් නඩත්තු කටයුතු රාශියක් නිරෝධාන ඇඳිරි නීති කාලයේ සිදුකිරීමට හැකිවූ බව ඒ මහතා පැවසීය.
කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද දෙමටගොඩ ධාවනාගාරය ඇතුළු සියලු ධාවනාගාරය වල සේවකයන් සිය රාජකාරි කටයුතු නිසියාකාරයෙන් ඉටු කරමින් මගී පහසුව සැලසීමට අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සියල්ල සිදුකල බව පැවසීය.
මේ වනවිට ධාවනය කිරීමට සැලසුම් කොට ඇති දුම්රිය ගමන්වාර 91කි.
ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 33ක්, හලාවත මාර්ගයේ දුම්රිය ගමන් වාර 14ක් උතුරු මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් කැළණිවැලි මාර්ගයේ වාර අටක්, මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 34ක් යෙදවීමට අවශ්‍ය පසුබිම සකසා ඇති බවද ඉංජිනේරු (ධාවන බල) කේ.ජී.එස් බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසීය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.