අද (28) අළුයම චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙකු මෙන්ම ජනප්‍රිය නළුවෙකු වූ ශාන්ති අබේසේකර මහතා අභාවප්‍රාප්ත විය. ගායන ශිල්පියෙකු ලෙසද කටයුතු කල එමහතා මිය යන විට 83 වන වියේ පසුවිය.
ප්‍රවිණ ගායිකාවකව සිට නැසීගිය වසන්තා සන්දනායක මහත්මියගේ බෑණනුවන් වන අබේසේකර මහතා විවාහව සිටියේ ප්‍රවීණ ගායිකා දයා හේමන්තා සන්දනායක සමග වන අතර ජනප්‍රිය ගයිකාවන් වන සධානා රණතුංග සහ සුප්‍රියා අබේසේකර යන මහත්මීන් ඇතුළු දූ දරුවන් හත් දෙනකුගේ පියාණන් ද විය.
අබේසේකර මහතා " වහල් දුපත " සහ " සිදාදියෙන් හයක් " යන චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා වන අතර " හිඟන කෙල්ල " සහ " ජන ශක්ති " නමින් තවත් චිත්‍රපට දෙකක රූප ගත කීරීම ආරම්භ කල නමුත් ඒවා නිම කිරීමට නොහැකි විය.
ඒ මහතා දස්කම , සිරකරුවා , සැඩසුළං, ගිජු ළිහිණියෝ,කොළඹ හාදයෝ, වහල් දූපත , සිදාදියෙන් හයක්, දාමරිකයෝ ඇතුළු චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන් අතර "ජීවිතේ අපේ සුහද මල් පිපී, මේ රාත්‍රියේ මිහිරෙන් චමත්කාර වීලා, ජීවිතේ රන් විමානයේ, ලස්සන මලකින් පැණිගෙන, නිල්මිණි රන්තරු දෑසේ ඇතුළු ගීත කිහිපයක් ගායනා කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.