රුසියාවේ මොස්කව් නුවර පැවති 58 වෙනි ජාත්‍යන්තර හමුදා බොක්සිං ක්‍රීඩා තරගාවලියේ දී කාන්තා කිලෝ ග්‍රෑම් 75 බර පන්තිය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා ගයානි කළුආරච්චි විසින් ලෝකඩ පදක්කම දිනා ගෙන තිබෙනවා.
ඇය මින් පෙර ද කිලෝ ග්‍රෑම් 75 බර පන්තිය යටතේ 2018 ආරක්ෂක සේවා බොක්සිං තරගාවලිය,2019 ලේටන් කප් බොක්සිං තරගාවලිය සහ 2019 ක්ලිපර්ඩ් කප් යන ජාත්‍යන්තර බොක්සිං තරග ද ජයග්‍රහණය කර ඇත.
මෙවැනි ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩා ඉසව්වක ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ලෝකඩ පදක්කමක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ මවුබිමට අත්කරදුන් කීර්තිය වෙනුවෙන් ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා විසින් සුභ පැතුම් එක් කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.