පල්ලම පොලිසිය සදහන් කළේ පල්ලම සේරුකැලේ ප්‍රදේශයේ විසු ඒකනායක මුදියන්සේලාගේ ශ්‍රීමාන් හිමාෂ නමැති අවුරුදු තුනහමාරක දරු සිගිත්තකු ට්‍රැක්ටරයකට යටවි එහි තණ කොළ කපන යන්ත්‍රයකට අසුවී මිය ගොස් ඇති බවයි.
පොලිසිය තවදුරටත් පැවසුවේ මියගිය දරුවාගේ මාමා ට්‍රැක්ටරයකින් තණ කොළ කපමින් සිටි අතරතුර එම ස්ථානයට ආ මෙම දරුවා ට්‍රැක්ටරය මත වාඩි කරවා ට්‍රැක්ටරය ක්‍රියාත්මක කරවා තණ කොළ කපමින් සිට ඇති අතර ට්‍රැක්ටරය මත වාඩි වී සිටි දරුවා ලිස්සා බිම වැටී ට්‍රැක්ටරය සවි කර තිබු තණ කොළ කපන මැෂිමට කැපි බරපතල තුවාල ලබා එම ස්ථානයේ දිම මිය ගොස් ඇති බවයි.
පල්ලම පොලිසිය මෙම අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ සිදු කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.