වරාය තුළ ගොඩගැසී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා ආනයනකරුවන්ට අවශ්‍ය ඩොලර් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසනවා.
ඒ අනුව භාණ්ඩ තොග නිදහස් කරගැනීමට අවශ්‍ය ආනයනකරුවන් ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශයට දැනුම් දිය යුතු බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කරන්නේ.
සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් ඇතුළත් කන්ටේනර් 1300 කට වැඩි ප්‍රමාණයක් ඩොලර් හිඟය හේතුවෙන් නිෂ්කාශනය කිරීමට නොහැකිව වරායේ ගොඩ ගැසී ඇති බව වාර්තා වනවා.
මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පසුගිය සති අන්තයේ මහ බැංකුවේ නව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මෙරට ආනයන හා අපනයන කරුවන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.එහිදී කොළඹ වරාය පර්යන්තයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගොඩ ගැසීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ආනයනකරුවන් විසින් ඉල්ලා ඇත .
වරාය තුළ ගොඩගැසී ඇති කන්ටේනර් වහාම නිදහස් කරන ලෙස පසුගිය 24 වන දා අග්‍රාමාත්‍යවරයා නියෝග කළ ද එම නියෝග අදාළ වන්නේ සීනි කන්ටේනර් 500 ක් සඳහා පමණක් බව රේගු වාර්තා සඳහන් කරයි.
භාණ්ඩ ආනයනය සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් බාධාවකින් තොරව ලබාගත හැකි බවට රජය සහතික නොකළහොත් ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑමට මෙන්ම ආහාර හිඟයක් ඇතිවීමට ද ඉඩ ඇති බව ආනයනකරුවන් ප්‍රකාශ කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.