ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ සමාජානුයෝජන ක්‍රියාවලියේ දී පුරෝගාමී සියලුම ආකාරයේ වැඩිහිටියන්ට ළමයින් සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම සුළුකොට තැකිය නොහැකි බවයි.
අද ට (01) යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරේ ළමා ජීවිත ආපසු හැරවිය නොහැකි බැවින්, ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරින්නැයි ඉල්ලා සිටියේය.
වර්මානයේ ලෝකය මුහුණ දී ඇති වසංගත තත්ත්වය හමුවේ දරු පරපුරට පාසල් පංති කාමරය, ක්‍රීඩා පිටිය දුරස්ථව ඇති බවත් මෙවර ද ලෝක ළමා දිනය දරුවන්ට පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සැමරීමට අවස්ථාව නැතත් සියලුම දරුවන්ට තමන්ගේ නිවහනේ සිට හෝ සතුටින් සැමරීමට ආශිර්වාද කරමින් ළමුන් සියලුදෙනාට සෞභාග්‍යවත් අනාගතයක් ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ළමා දින පණිවුඩයේ දැක්වේ.
ජනාධිපතිවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.