ලොව පුරා මිලියන 130 කට අධික ප්‍රේක්ෂක හදවත් දිනාගත් යොවුන් ගායිකා යොහානි සිල්වා ( Yohani Silva) ඉන්දියාවේ හර්යානා හී ගුරුග්‍රාම්හිදී පැවැත්වූ පළමු ප්‍රසංගයට ඉන්දීය රසිකයින් ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී ඇතැයි වාර්තා වේ.
මැණිකේ මගේ හිතේ ප්රතිනිර්මාණ ගිතය නිසා ජනප්‍රිය වූ ඇයගේ පළමු ප්‍රසංගය ගුරුග්‍රෑම් ස්ටූඩියෝ එක්ස ඔ හි ඊයේ (3) පස්වරු 06 ට පැවති අතර මෙරට යොවුන් පරපුරේ සංගීත කණ්ඩායමක් වන ''ලුනු මියුසික් '' සංගීත කණ්ඩයම සංගීතය ලබා දෙමින් යොහානිට වේදිකාවේදී සහාය දැක්වීය.ශ්‍රී ලාංකික ගායකයෙකුට හෝ ගායිකාවකට දහස් ගණන් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී තිබෙන්නේ පළමුවරටය.
එරට ගුවන් විදුලි නාලිකාවක් වන රෙඩ් එෆ්.එම් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක් සදහාද ඇයගේ ප්‍රථම ඉන්දීය සංචාරය වෙනුවෙන් ඇය සහභාගී වූ අතර ඇය එහිදී සියලුම ප්‍රේක්ෂකයින්ට ස්තූතිය පළ කරන ලදී.
හයිද්‍රාබාද් නගරයේදී ද ඔක්තෝබර් 03 වැනිදා පස්වරු 06 ට යොහානි තවත් ප්‍රසංගයක් පැවැත්වීමට නියමිත අතර
යොහානි ගේ වේදිකාව ඉදිරිපිට අතුරු-සිදුරු නොමැතිව ඉන්දීය ප්‍රේක්ෂකයන් රැස්වෙනු ඇතැයි ද පැවසේ.
#Yohani
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.