පොලිස් වෙඩි පහරින් මිය ගිය පාතාල නායක දෙව්මුණි රෝහණ ද සිල්වා හෙවත් රත්මලාන රොහාගේ මස්සිනා ඊයේ රාත්‍රීයේ (20) ගල්කිස්ස ප්‍රදේශයේ දී කපා කොටා ඝාතනය කර ඇත.
පොලිසිය පැවසුවේ මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අසංක සිල්වා නැමැති ත්‍රීරෝද රථ රියදුරා බරපතළ තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.
ජංගම දුරකථනයක් උසස් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සැකකරු විසින් මියගිය පුද්ගලයාට පිහියකින් ඇන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු ත්‍රීරෝද රථ රියදුරෙකු වන අතර ඔහු පාතාල නායක අමල් සිල්වා හෙවත් කුඩු අංජුගේ ඥාතියෙකු බවත් සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් පලා ගොස් ඇති බවත් පොලිසිය පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



