බලාගාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (23) දිවයින පුරා පැය 4.30 කට අධික කාලයක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගී තා කොමිසම පවසනවා.
ඒ අනුව රාත්‍රී 08.30 සිට 10:30 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදුකරන අතර ඒ,බී සහ සී කලාපවලට පැය 04 මිනිත්තු 40ක් ද අනෙක් ප්‍රදේශවලට පැය 04 මිනිත්තු 30 ක කාලයක් ද විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.
පවතින ඉන්ධන සහ ජල හිඟය හේතුවෙන් හෙට (24) දිනය තුළ පමණක් ජාතික පද්ධතියට අහිමිවන ප්‍රමාණය මෙගාවොට් 1628 ක්.
මේ අතර විදුලි කප්පාදුවට එරෙහිව අද දිනයේ උද්ඝෝෂණයක නිරත වන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ කැඳවුම්කරු කේ.එච්.සංජීව ධම්මික මහතා පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



