මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල පිහිටි නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා පිලියන්දල පොලිසියට කැඳවා තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 10ට පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස ඇයට දන්වා ඇති බව පොලීසිය සඳහන් කළා.
පසුගියදා චමුදිත සමරවික්‍රම මහතාගේ යූ ටියුබ් නාලිකාවේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වීම හේතුවෙන් ඇයගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කර ගන්නා බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මීට පෙර ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ අපේ ජන බල පක්ෂයේ නායක සමන් ප්‍රසන්න පෙරේරාගෙන් ද පොලිසිය පැය 4ක දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



