ජනප්‍රිය යුගල සංගීත කණ්ඩායමක් වන ජයශ්‍රී විසින් ගායනා කරන ලද ගීත විස්සක් ගායනා කිරීම සහ ප්‍රචාරය කිරීම වළකමින් පසුගියදා නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවත් කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය අද (23) නියෝග කළා.
එම සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව එම කණ්ඩායමේ රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන දෙදෙනාට එරෙහිව මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණා.
එසේ වාරණ නියෝග පනවා තිබුණේ ඔවුන් විසින් ගායනා කරන 'මොඩ් ගොවියා' සහ 'සුන්දරියේ' යන ගීත ඇල්බම් වල අඩංගු ගීත විස්සක් සඳහායි.
ඒ අනුව මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බැවින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එය ඉවත් කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



