2019 වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ නොමඟ යැවීමට ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සූදානමින් සිටින බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.
ඒ අනුව පාස්කු ඉරුදින ප්‍රහාරකයන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ශ්‍රී ලංකා රජය උපරිමයෙන් කටයුතු කරන ආකාරයක් පෙනීයන බව පසුගියදා (14) Aid to the church in Need සංවිධානය මගින් පැවැත් වූ මාධ්‍ය සාකච්චාවක් අමතමින් කාදිනල්වරයා ප්‍රකාශ කර තිබෙනවා.
මේ පිළිබඳව වතිකානු ප්‍රවෘත්ති සේවය මුල්වරට හෙළි කර ඇති අතර ප්‍රහාරය පිටුපස සිටින බවට සැක කෙරෙන මහ මොලකරුවන් පිළිබඳ නඩු විභාගය සිදුවෙමින් පවතින නමුත් ප්‍රහාරය පිටුපස සිටින අය බේරා ගැනීම සඳහා උපායශීලීව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජර්මනියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කාදිනල්වරයා වැඩිදුරටත් පවසා ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




