අද (24) අළුයම කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙකු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ එම නිවසේ පියා, දියණිය සහ ඇගේ පෙම්වතා වන අතර මව බරපතළ පිළිස්සුම් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් මෙම ගිනි තැබීම මියගිය දියණියගේ පෙම්වතා විසින් සිදු කරන්නට ඇති බව පොලීසිය සැක පළ කරයි.
තහඩු වලින් ආවරණය කළ කුඩා නිවසක මෙම පිරිස ජීවත්ව ඇති අතර ගින්නෙන් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




