හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇත.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල වන යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර එය ජුනි මස 30 වන දා දක්වා බලපැවැත්වෙනවා.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති එම්.රිස්ලි ඉල්යාස් විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.
හිටපු අමාත්‍යවරයා විසින් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමකින් තොරව ශ්‍රී ලංකා රග්බි සංගමයේ බලපත්‍රය තහනම් කරමින් පසුගිය අප්‍රියෙල් මස 01 වනදා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




