සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව දැඩි කරන ලෙස පොලිස්පතිවරයා විසින් ඇමති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂකවරයාට නියෝග කර තිබෙනවා.
ඒ අනුව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් 06දෙනෙකු යෙදවීමට පොලිස්පති වරයා උපදෙස් ලබා දී ඇත.
මෙතෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පොලිස් නිලධාරීන් දෙදෙනකු ද රාජ්‍ය අමාත්‍යවරයෙකුට පොලිස් නිලධාරීන් 05 දෙනෙක් සහ කැබිනට් අමාත්‍යවරයෙකුට පොලිස් නිලධාරීන් 06 දෙනෙක් යොදවා තිබුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




