ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගේ පාලනයක් යටතේ කිසිදු අමාත්‍ය ධූරයක් භාරගැනීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සූදානම් නැති බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
කොළඹ පිහිටි පක්ෂ නායක කාර්යාලයේ දී අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ අග්‍රාමාත්‍යධූරය දැරීමට රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු බහුතරය නොමැති බවයි.
මේ අතර රටේ ගැටලු විසඳීම කෙසේ වෙතත් ජනාධිපතිධූරය සහ රාජපක්ෂ පවුල ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍යධූරය පිරි පිරිනැමූ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
රටේ පොදු මහජනතාව සහ සර්ව ආගමික නායකයින්ගේ ඉල්ලීම්වලට පයින් ගසා ව්‍යවස්ථාවෙන් සහ සම්ප්‍රදායෙන් පරිබාහිරව සිදුකළ මෙම තනතුරට සමගි ජන බලවේගය සම්පූර්ණයෙන් විරුද්ධ බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




