අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද පෙරවරුවේ ගොස් වැඩ ආරම්භකර තිබේ.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම්වරයා වන සමන් ඒකනායක මහතාද සහභාගිවී විය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික පරිපාලන නිලධාරියකු වන සමන් ඒකනායක මහතා ව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඊයේ පත්කෙරුණා.
යහපාලන ආණ්ඩුව යටතේ 2015-2019 අවස්ථා තුනකදී අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් පත්වීම් ලද ඒකනායක මහතා මෙවර පත්වන්නේ සිව් වෙනි වතාවටයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඒකනායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිලිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත.
තිස් වසරක් ඉක්ම වූ පරිපාලන සේවය තුළ යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි,නිවාස,කර්මාන්ත, විදේශ කටයුතු හා මුදල් යන අමාත්‍යාංශවල මෙන්ම මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලයේ සහ ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්‍යාලයේද සේවය කර තිබේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



.jpg)
