Senegal බටහිර ප්‍රදේශයේ Tivaouane හි පිහිටි රෝහලක ඇතිවූ ගින්නකින් අලුත උපන් බිළිඳුන් 11 දෙනෙකු මිය ගොස් ඇති බව එරට ජනාධිපතිවරයා පවසනවා.
එරට බලධාරීන් පවසන පරිදි රෝහලේ මාතෘ ඒකකයේ පරිපථයක හටගත් ගින්නක් මෙයට හේතු වී ඇත.
ගින්නෙන් ළදරුවන් තිදෙනෙකු බේරා ගැනීමට හැකි වී ඇති අතර නිවේදනයක් නිකුත් කරමින් එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මෙම තත්ත්වය ඉතා අවාසනාවන්ත සහ අතිශය වේදනාකාරී බවයි.
මීට පෙර ද Senegal යේ මාතෘ වාට්ටුවක වායු සමීකරණ ඒකකයේ විදුලි දෝෂයක් හේතුවෙන් ඇති වූ ගින්නකින් අලුත උපන් බිළිඳුන් 04 දෙනකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




