ලබන සතියේ සිට ලාෆ් ගෑස් වෙළදපොලට නිකුත් කිරීමට හැකිවනු ඇති බව එම සමාගම පවසනවා.
ඊට අදාළ ණයවර ලිපි විවෘත කිරීමට හැකිවීම හේතුවෙන් සිය පාරිභෝගිකයන් සඳහා අවශ්‍ය ගෑස් විධිමත් ලෙස වෙළෙපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව සමාගම වැඩි දුරටත් පෙන්වා දෙනවා.
එමෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරීමේ කිරීමේ ප්‍රමාදයක් තිබුණද තිබුණද රෝහල්, කර්මාන්තශාලා සහ හෝටල් සඳහා දෛනිකව ගෑස් සපයන බව ලාෆ් ගෑස් සභාපති ඩබ්ලිව්. කේ.එච්. වෑගපිටිය මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රජයේ වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් මෙරට ජනතාව පත්ව ඇති අපහසුතාව පිළිබඳ වසර 20ක් පුරා මෙරට ජනතාවට ගෑස් සැපයූ සමාගමක් වශයෙන් කණගාටුවට පත්වන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




