දෙහිවල ජාතික සත්වෝද්‍යානය ඇතුළු රටේ අනෙක් සත්වෝද්‍යාන 04 හි සිටින සතුන් 5000කට ආසන්න සංඛ්‍යාවකට දෛනිකව ආහාර සැපයීමේ අර්බුදයක් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.
දෙස් විදෙස් සංචාරකයින් පැමිණීම අඩුවීම, ඉන්ධන හිඟ වීම, ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු ගැටළු කිහිපයක් හේතුවෙන් මෙම අර්බුදය හටගෙන ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එමෙන්ම මෙම වසරේ ඉදිරි කාලය සඳහා සත්ව ආහාර ලබා ගැනීමට මිලියන 120 ක පමණ මුදලක් වැය වන අතර සත්ව ආහාර සැපයුම්කරුවන් සඳහා රුපියල් මිලියන 60කට ආසන්න හිඟ මුදල් ගෙවීමට ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම,වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ
"සතුන්ටත් ආහාර සපයා ගැනීමේ ගැටලුවත් තිබෙනවා. වෙනදට වඩා වැඩි මිලක් ඒ වෙනුවෙන් ගෙවන්න වෙලා තිබෙනවා. වෙන්කරපු ප්‍රතිපාදනවලින් සැලකියයුතු කොටසක් දැනටමත් වියදම් වෙලා. අදායම් අඩුවෙලා.යෝජනාවක් ආවා.. සතුන්ට ආදරය කරන දරුවන්, වැඩිහිටියන් සම්බන්ධ කරගෙන කැපකරු ක්‍රමයක් තුළින් සතුන්ට අවශ්‍ය ආහාර සපයා ගැනීමට. සතුන්ට ආදරය කරන සියලු පාර්ශ්ව දැනුවත් කරලා ඉදිරියේදී ඒ පිළිබඳව කටයුතු කරනවා."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




