හෙට (6) සිට පෞද්ගලික බස්රථ ධාවනය සීමා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී පවසයි.
මේ අනුව සමස්ථ බස් රථවලින් තුනෙන් එකක් වන බස් රථ පන්දහසකට පමණ ධාවනය සීමා වනු ඇති බව ඔහු පෙන්වාදෙයි.
ඩීසල් හිඟය හේතුවෙන් සම්පූර්ණයෙන්ම බස් රථ ධාවනයෙන් වැලකී සිටීමට තීරණය කළද හෙට සිට ඇරඹෙන නව පාසල් වාරය නිසා මෙසෙ සීමාසහිතව බස් රථ ධාවනය කිරීමට කටයුතු කරන බවත් විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීම සිදුවුවත් එහිදීද අඩුපාඩු පවතින බවත් බස් රථ සඳහා ඩීසල් ලබා ගැනීමට දින ගණන් පෝලිම්වල රැදී සිටීමට ද සිදුවන බවත් මෙහිදී ඔහු පෙන්වාදුනි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




