නයිජීරියාවේ නිරිතදිග නිරිතදිග ඔන්ඩෝ ප්‍රාන්තයේ ශාන්ත ෆ්‍රැන්සිස් කතෝලික දේවස්ථානය ඉලක්ක කරගනිමින් දියත් කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඉරිදා දිනයේ වතාවත් සඳහා බැතිමතුන් රැස්ව සිටින අවස්ථාවේ නාදුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඇති අතර පුපුරවා හැරීමක් ද සිදු කර ඇත.
මියගිය අය අතර කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් සිටින අතර තුවක්කුකරුවන් විසින් බැතිමතුන් කිහිප දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාර ගෙන නැහැ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




