මේ වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රඳවා ගෙන ඇති එරෝෆ්ලොට් සමාගම අයත් SU 289 දරන මගී ගුවන් යානය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ තවමත් අධිකරණය විසින් මෙම නඩුව සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නැති බවයි.
බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගයක් හේතුවෙන් මෙම ගුවන් යානය පසුගිය 02 වනදා සිට කටුනායක ගුවන් තොටුපලේ රඳවා තබා ගෙන ඇත.
කෙසේවෙතත් එහි සිටි රුසියානු මඟීන් 275 දෙනෙක් වෙනත් ගුවන් යානයක් මඟින් නැවත එරටට පිටත් කර තිබෙනවා.
මේ අතර එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධ ගැටලුව ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අර්බුදයක් නොව අධිකරණය හමුවේ ඇති පෞද්ගලික නීතිමය ගැටලුවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රුසියාවට නිල වශයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




