අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට වරද පිළිගැනීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට වසර දෙකක සිර දඬුවමක් නියම කළ අතර එය වසර පහකට අත්හිටුවීමට අද (07) කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
ඔහු මේ වන විටත් වසර 4ක සිර දඬුවමකට ලක් වී සිටින අතර එම තීන්දුව ඔහුගේ දැනට ගෙවීයන සිර දඬුවමට අයත් වන්නේ නැහැ.
යහපාලන ආණ්ඩුව සමයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් රූපවාහිනී වැඩසටහනකදී කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස කළ බවට ඔහුට චෝදනා එල්ල වනවා.
කෙසේ වෙතත් මෙම චෝදනා වලට තමන් නිවැරදිකරු බව ඔහු මුලින් ප්‍රකාශ කළ ද ඉකුත් මාර්තු මස එම නඩුව කැඳවූ අවස්ථාවේ ඔහු තමා එම චෝදනාවට වරදකරු බව පිළිගනු ලැබුවා.
ඒ අනුව බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය සහ සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් රංජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ අතර එය වසර 5කට අත්හිටුවීමට නියෝග කළා.
ඒ අනුව අද සිට ඉදිරි වසර පහක කාලය තුළ වෙනත් වරදකට වරදකරු නොවුණහොත් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ එම දඬුවම ක්‍රියාත්මක නොවේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




