විදේශ රැකියා සඳහා පිටත්ව යාමට අපේක්ෂා කරන රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් එකවර විදේශ සේවා නියුක්ති කාර්යංශය කාර්යාංශයේ වෙබ් අඩවියේ ලියාපදිංචි වීම නිසා මේ වන විට එම වෙබ් අඩවියේ ක්‍රියාකාරීත්වය අඩු වී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව මේ වන විටත් රාජ්‍ය සේවකයින් 15,000 කට අධික පිරිසක් එම වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාංශයේ නිලධාරියෙකු පවසනවා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි අයදුම්පත් සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බැවින් වෙබ් අඩවියේ ක්‍රියාකාරිත්වය අඩු වී ඇති බවයි.
ඒ අනුව එම වෙබ් අඩවියේ ක්‍රියාකාරීත්වය වේගවත් කරන ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




