බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට එරෙහිව එරට විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් ජය ගැනීමට ඔහුට හැකි වුණා.
ඡන්ද විමසීමේ දී අග්‍රමාත්‍යවරයාට සහාය පළ කරමින් ඡන්ද 211 ක් ද ඔහුට විරුද්ධව ඡන්ද 148ක් ද ලැබී තිබෙනවා.
ඒ අනුව තවත් වසරක් සඳහා වත්මන් පාලක පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා ලෙසත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙසත් කටයුතු කිරීමට ඔහුට හැකියාව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




