විසි එක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තවදුරටත් අධ්‍යනය කිරීම සඳහා ඊයේ (06) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කිරිම හේතුවෙන් ඒ සඳහා මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා ගැනීමට යෝජනා වී තිබෙනවා.
පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල අදහස් සහ යෝජනාවලට අනුව ඊයේ මෙම කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
මේ අතර ජනතා ගැටලු විසදීමකින් තොරව ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම මේ මොහොතේ ප්‍රායෝගික නොවන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ අදහස බව ඊයේ පැවති රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




