නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ දැරූ පුද්ගලයින් 91 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඊයේ අලුයම බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා කණ්ඩයක් සහ මාරවිල පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී එම ප්‍රදේශයේ ලැගුම්හලක රැඳී සිටි පුද්ගලයින් 15 දෙනෙකු සොයා ගෙන ඇත.
මෙම ජාවාරමට යොදාගත් යොදාගත් බවට සැකකෙරෙන වෑන් රථයක් සහ මෝටර් රථයක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව ඊයේ (07) දහවල් කාලයේ බටහිර නාවික විධානයට අනුයුක්ත කණ්ඩායමක් හලාවතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක දී සැක කටයුතු බහු දින ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය වී තිබෙනවා.
එම යාත්‍රාව පරික්ෂා කිරීමේදී පරීක්ෂා කිරීමික්ෂා කිරීමේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ දැරූ පුද්ගලයින් 76 දෙනෙකු හඳුනාගත් බව නාවික හමුදාව පවසයි.
ඔවුන් අතර පිරිමි පුද්ගලයින් 58ක්, කාන්තාවන් 05ක්, ළමුන් 07 දෙනෙක් සහ එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
එම පිරිස ඉදිරි විමර්ශන කටයුතු සඳහා මාරවිල පොලීසිය වෙත භාර දී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




