රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ලබන 15 වන දා දක්වා තවදුරටත් රඳවා තබා ගැනීමට අධිකරණය අද නියෝග කළා.
මේ අතර බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු තවත් දහතුන් දෙනෙකු ඇප මත මුදා හැරීමට මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම පිරිස මැයි මස 09 වන දා ගාලුමුවදොර සාමකාමී අරගලකරුවන්ට පහර දීම හේතුවෙන් බන්ධනාගාර ගත කෙරුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




