රට තුළ පවතින ගෑස් අර්බුදය හමුවේ කොළඹ නගරයේ හෝටල් 1000ක් වසා දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගෑස් සපයාගත නොහැකි වීම හේතුවෙන් ඉතිරි හෝටල් ප්‍රමාණයත් දිනෙන් දින වැසී යමින් තිබෙන බවයි.
"ගෑස් හිඟය නිසා කොළඹ නගරයේ පෙට්ටි කඩයේ සිට ඉඳිආප්ප, පිට්ටු, වඩේ, සීනි සම්බල් පාන් විකුණන වෙළෙන්දාගේ ඉඳලා ප්ලේන්ටිය, බිත්තර ආප්ප, පරාටා, බත් අලෙවිකරන හෝටල් හිමිකරුවන් දක්වා පිරිස අද අන්ත අසරණ වෙලා. කොළඹ නගරයේ හෝටල් 2000 කට වැඩිය තිබෙනවා. මේවායින් හෝටල් හිමියන් සේවකයන්, ඒ අයගේ පවුල්වල උදවිය ගත්තොත් 30,000කට වැඩි පිරිසක් ජීවත් වෙනවා. ගෑස් හිඟය නිසා කොළඹ නගරයේ හෝටල් 800 ත් 1000 ත් අතර සංඛ්‍යාවක් තමයි පවත්වාගෙන යන්නේ. දැන් මේ සංඛ්‍යාවත් දිනෙන් දින වැසී යමින් තිබෙනවා."අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




