යාපනය ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළෙඳ වෙළද සැලකින් රුපියල් ලක්ෂ විසි එකකට අධික රන් භාණ්ඩ සොරා ගත් කාන්තාවන් තිදෙනකු සහ සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් බලපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 48, 32 සහ 26 යන වයස්වල පසුවන මව සහ දියණියන් දෙදෙනා වන අතර ප්‍රධාන සැකකාරිය වන මව මෙරට ලියාපදිංචි අපරාධකාරියක් බව පොලිසිය පවසයි.
අනෙක් සැකකරුවා ඔවුන් විසින් සොරා ගත් රන් භාණ්ඩ අලෙවි කළ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




