නව අමාත්‍යාංශ දෙකක් සඳහා බලතල සහ කාර්යයන් පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය ලෙසයි.
ඒ අනුව මෙතෙක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති බලතල හා කාර්යයන් කිහිපයක් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
ආගමන හා විගමන කටයුතු, විදුලි සංදේශ කටයුතු නියාමනය, තොරතුරු තාක්ෂණ පහසුකම් සැපයීම, සයිබර් ආරක්ෂණය, පුද්ගලයින් ලියාපදිංචි කිරීම, ආයෝජන ප්‍රවර්ධනය,ආර්ථික සංවර්ධන කලාප ප්‍රවර්ධනය ආදී මෙතෙක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති විෂයපථයන් තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙත පවරා තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




