දිවයින පුරා ඩිපෝ ගණනාවක ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
සේවක වැටුප් වැඩි කිරීම, නව ප්‍රසාද දීමනා චක්‍රලේඛය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වර්ජනය සංවිධානය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිදහස් ප්‍රවාහන සේවක සංගමයේ බන්දුල රත්නායක කියා සිටියේ ,
"ලංගම වැඩ වර්ජනය පක්ෂ පාට සමිති තනතුරු භේදයෙන් තොරයි..වර්ජිත සියලු සේවකයින්ගේ වග කීම ගැනීමට. ..අප සූදානම්.
වැඩ වර්ජනය අඛණ්ඩව ගෙන යන්න"
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.









