යාපනය අරියාලෙයි ප්‍රදේශයේ දී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
අරියාලෙයි මාම්පල්ම් මංසන්ධියේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකින් ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති අතර දුම්රියේ ගැටීමෙන් පසු මෝටර් රථය කිලෝමීටරයක් පමණ දුර ඇදී ගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
එම සිද්ධියෙන් මෝටර් රථයේ ගමන්ගත් 36 සහ 32 හැවිරිදි පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේම මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ඔවුන්ගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහල වෙත රැගෙන ගොස් ඇත.

අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.






