සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ඇරයුමකට අනුව මෙරට විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරතවුණා.
ඔහු මෙහිදී සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ නීතිය හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා, වෙළඳ හා කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු පිරිසක් සමග භෝජන සංග්‍රහයකට ද එක්ව තිබෙනවා.
ඒ අනුව මෙහි දී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති අතර අරමුදල් සැපයීම, සෘජු විදේශ ආයෝජන ඉහළ නැංවීම සහ සිංගප්පූරුව වෙත සිදු කෙරෙන අපනයන අවස්ථා ඉහළ නැංවීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා සිංගප්පූරුවේ සහාය ඉල්ලා ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




