මන්නාරම යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය ලබාදීම සම්බන්ධයෙන් තමා කිසිදු පුද්ගලයකුට හෝ ආයතනයකට බලපෑම් නොකළ අතර ලංකා විදුලිබල විදුලිබල මණ්ඩලයේ සභාපති වරයා කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව අදාළ ප්‍රකාශය සිදු කර පැය 24 ක් යන්නට මත්තෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩෝ මහතා පැවසුවේ තමන් කෝප් කමිටුව හමුවේ සිදු කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවයි.
ඒ අවස්ථාවේ පැවති අධික පීඩනයත් විදුලිබල කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාල කාර්ය බහුල වීම නිසා මෙම ප්‍රකාශය තමා අතින් සිදු වූ බව සභාපතිවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේ ලෙස ජනාධිපතිවරයාගෙන් හෝ විෂය භාර අමාත්‍යවරයාගෙන් හෝ ඉන්දියානු තානාපති කාර්යාලයෙන් සිදු වූ බලපෑමක් නිසා නොවන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




