හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීම පිටුපස සැඟවුණු සැලැස්මක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වීම වළක්වා ආණ්ඩු බලය එම පක්ෂය තුළ රඳවා ගැනීම බැසිල් රාජපක්ෂ මහතාගේ සැලැස්ම බවයි.
"බැසිල් මහත්තයාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවේ ඒක කවුරුත් පුදුමයට පත්කළ දෙයක් වුණා. ඒක බැලූ බැල්මට පේන්නේ දැන් ගේන්න තියෙනවා 21 ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුවේ ඉන්න බැරිවෙන. ඒක ගෙනාවොත් ඔහුට මන්ත්‍රීධූරය අහිමිවෙයි කියන හේතුවෙන් ඔහු ඉවත්වුණා කියලා. නෑ. ඊට වඩා ලොකු ප්ලෑන් එකක් තියෙනවා. ඔහුගේ ප්‍රශ්නය වුණේ, පොහොට්ටුව ලොකු බෙදීමකට ගියොත් පොහොට්ටුවේ බලය නැතිවෙනවා. පොහොට්ටුවේ බලය පවත්වාගෙන යෑමට කල්පනා කළා ඔහු ඉවත් වුණොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් මෙතන තියෙන මුලික ප්‍රශ්නය ඉවරයි. විපක්ෂයට මුලික ප්‍රශ්නයක් තියෙන්නේ, ඒ වගේම ආණ්ඩු පක්ෂය තුළත් ඒක ගෙන එන අයට තියෙන එක උවමනාවක් තියෙන්නේ ද්විත්ව පුරවැසිභාවයේ ප්‍රශ්නය. ඔහු ඉවත්වුණාට පස්සේ, ඒක ප්‍රශ්නයක් නොවන කොට ජනාධිපතිතුමාගේ බලතල අඩුකිරීම කිරීම ගැන ප්‍රශ්නය ලොකුවට බලපාන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ගැන වුණත් ඔහු ගේන්න ඉන්නවා යම් සංශෝධනයක්. මම පෙන්වන්න හදන්නේ පොහොට්ටුව බෙදීම වළක්වාගෙන, පොහොට්ටුව එකට තියාගෙන, පොහොට්ටුවේ බලයෙන් ආණ්ඩුව හසුරවන්න බැසිල් මහත්තයාට තියෙන සැලැස්ම. ඒ උඩ තමා ඒ අය කියන්නේ පොහොට්ටුවේ අගමැති කෙනෙක් ඕනේ කියලා."
මේ අතර ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සිය ව්‍යාපාරවල අධ්‍යක්ෂ මණ්ඩලය ධුරයෙන් ඉල්ලා අස් වුවද ඒවායේ අයිතිය අතහැර නැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
"එතුමාට දීලා තියෙන්නේ විෂයන් සියල්ලම වගේ ජනාධිපතිතුමාගේ විෂයන්. ඒකෙන් තේරෙන්නේ ඔහු ලොකු බරක් ඇතුවයි කැබිනට් මණ්ඩයට එන්නේ. ඔහුට මුදල් ඇමතිකම දුන්නොත් හාස්‍යයට හා දෝෂාරෝපණයට ලක්වන නිසා තමයි මුදල් ඇමතිකමට කෙලින්ම නොදැම්මේ. මේ තත්ත්වය යටතේ අපි හිතන්නේ ධම්මික පෙරේරා විශාල ව්‍යාපාර ගණනාවක අයිතිය තියෙනවා. එම ව්‍යාපාරවලින් ඉල්ලා අස්වෙලා කියලා කියනවා. නමුත් ඔහුගේ අයිතිය නැතිකරගෙන නෑ. ඔහු ඒ තනතුරුවලින් අස්වෙලා. ආණ්ඩුවත් ඔහුගේ සමාගමත් අතර, යම් ගනුදෙනුවක් සිද්ධවෙන්න ගියොත් එතනදී ධම්මික ඔහුට ඇති බලය ඔහුගේ සමාගම් වෙනුවෙන් ක්‍රියාත්මක කරන එක ගැන කාටවත් සැකයක් තිබිය යුතු නෑ."අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




