රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ ජනතාවට සලාක ක්‍රමයට ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලකට යාමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාරිභෝගිකයන් ඉන්ධන හල්වල ලියාපදිංචි කිරීමක් සහිතව මෙම ක්‍රමවේදය ජූලි මස පළමු සතියේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙහිදී පොදු ප්‍රවාහනය සහ කර්මාන්තවලට ප්‍රමුඛතාව ලබා දෙන අතර මාස හතරකට පෙර ඩොලර් මිලියන 200ක් වූ ඉන්ධන වියදම මේ වන විට ඩොලර් මිලියන 550 දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




