ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉතිහාසයේ පළමුවරට ICC මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු නම් කර තිබෙනවා.
ඒ අනුව මැයි මාසයේ ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් නම් කර ඇත.
ඔහු ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක හසිත ප්‍රනාන්දු සහ බංගලාදේශයේ මුෂ්ෆිකර් රහීම් අභිබවා ඔහු මෙම ජයග්‍රහණය ලබා ගෙන තිබෙනවා.
පසුගියදා බංගලාදේශයට එරෙහිව පැවති තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දී කැපී පෙනෙන ලෙස ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් එහිදී ශතක දෙකක් ඇතුළත් ව ලකුණු 344ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා වීමට සමත්වුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




