රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනයේ නිවාඩු ලබා දීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
පවතින ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රාජ්‍ය සේවකයින්ට දිනපතා තම සේවා ස්ථානයට පැමිණීමට විශාල වියදමක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
මේ අතර රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙළ ද එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




