අනුරාධපුර සාලිය මාවත ප්‍රදේශයේ ලාෆ් ගෑස් නියෝජිතයාට අයත් හාල් මෝලක ගබඩා පරිශ්‍රයේ සඟවා තිබියදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර 586ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ වැටලීමකදී සොයාගෙන ඇත.
ඒ අතර තිබී කිලෝ ග්‍රෑම් 37.5 කර්මාන්ත සඳහා භාවිත කරන ගෑස් සිලින්ඩර 54ක් ද සොයාගෙන ඇති අතර මෙම ගෑස් සිලින්ඩර ජනතාව අතර බෙදා හැරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අදාළ නියෝජිතයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.






