සිකුරාදා දිනයේ රජයේ සේවකයින්ට නිවාඩු ලබා දීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව ලබන 17 වනදා සිට ඉදිරි මාස තුනක කාලයක් සඳහා එය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ රාජ්‍ය සේවකයින්ට තම සේවා ස්ථානයට පැමිණීම අපහසු වීම හේතුවෙන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අධ්‍යාපන,සෞඛ්‍ය, ජලය, විදුලිය, ආරක්ෂක සේවා, ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා ආදී අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතනවලට හැර අනෙකුත් රජයේ ආයතන සඳහා මෙම නිවාඩුව ක්‍රියාත්මක වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




