දුම්රිය ගාස්තු ඉහළ දැමීම සඳහා රජය මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.
ඩීසල් මිල ඉහළ යාමත් සමග වියදම ද අධික ලෙස ඉහළ ගොස් ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළා.
"මම හිතන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට හොඳ උදාහරණයක් රජය මඟින් රටේ ජනතාවට ලබාදෙන සේවය පිළිබඳව පෙන්නුම් කිරීමට. මේවන විට බස් ගාස්තුවෙන් 20%ක් 24% ප්‍රමාණයක් තමයි දුම්රිය ගාස්තු ලෙස අපි අයකරන්නේ. එම නිසා අපේ වියදම.. ඩීසල් මිල වැඩිවීමත් සමග විශාල වශයෙන් වැඩිවෙලා තියෙනවා. නමුත් අපේ ආදායමේ විශාල වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඉතා අඩු මුදලකට තමයි මගීන් ප්‍රවාහනය කරන්නේ. එම නිසා බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී රජයේ යම් ප්‍රතිපත්ති තීරණයක් අරගෙන දුම්රිය ගාස්තු වැඩි කිරීම සඳහා දෙපාර්තමේන්තුව අවසර ලබාදෙයි කියලා."අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




