වත්තල කදිරාන පාලම අසලින් සිය 05 හැවිරිදි දරුවා කැළණි ගඟට විසිකොට සියදිවි හානිකර හානි කරගැනීමට තැත් කළ කාන්තාව පවුලේ ව්‍යාකූල තත්ත්වයක් හේතුවෙන් එය සිදු කළ බව පොලිසියට පවසා තිබෙනවා.
42 හැවිරිදි මෙම කාන්තාව වත්තල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය කලක සිට රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි වාර්තා වන්නේ.
මෙම කාන්තාවගේ දෙවන විවාහයේ සැමියා මියගොස් ඇති අතර පළමු විවාහයෙන් ඇයට 15 පහළොස් හැවිරිදි දරුවකු සිටින බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් ගඟට විසි විසිකළ දරුවා මෙතෙක් සොයාගෙන නොමැති අතර නාවික හමුදාව තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




