ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව තිබෙන ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ තවත් දින දෙක තුනකට පමණක් බව එහි අලෙවි අංශය වාර්තා කරනවා.
ඒ අනුව මේ වන විට පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 6,000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 12,000ක් ඉතිරිව ඇති අතර ඩීසල් මෙට්‍රික් ටොන් 40000 ක් රැගත් ඉන්දීය නෞකාව අද කොළඹට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
මෙරට මුළු ඉන්ධනහල් ප්‍රමාණය 1190 වන අතර ඉන් 80%කට වැඩි ප්‍රමාණයක් ඊයේ (16) දිනයේ වසා දමා තිබුණා.
ඉන්ධන සංස්ථාව සතුව මුදල් නොමැතිවීම හේතුවෙන් බෙදුම් කරුවන්ට අත්පිට මුදලට ඉන්ධන ලබා දීමට සංස්ථාව පියවර ගෙන ඇති අතර එනිසා බොහෝ ඉන්ධනහල් හිමියන් ඉන්ධන ඇණවුම් කිරීම නවතා ඇති බව තෙල් බැදුම් කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




